Friday 24th of April 2026

English Tamil
Advertiesment


Nations League පාපන්දු කිරුළ පෘතුගාලයට දිනා දුන් අවු 40 තරුණයා


2025-06-09 14883

රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි.

2025 යුරෝපානු Nations League පාපන්දු තරගාවලියේ අවසන් මහා තරහය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණි. එහිදී විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යාක් පෙන්වූ පෘතුගාල අග්‍රගන්‍ය ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වයස අවුරුදු 40දී පෘතුගාලය වෙනුවෙන් තරගයේ 2වන ගෝලය වාර්තා වාර්තා කිරීමෙන් පසු තරඟයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදුවිය.

අතිරේක කාලයේදී දෙපිලම ගෝල රැස් කිරීමට අපොහොසත් වීම නිසා ජයග්‍රාහකයින් තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්. එහිදී දඬුවම් පහර 5ට 3ක් ලෙස පෘතුගාලය තරගය ජයගනිමින්  යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගත්තේය.

Advertiesment